සිංහල ක්‍රමයට ඉඩම් මැනීමේ සම්මත මිනුම්
සිංහල ක් රමයට ඉඩම් මැනීමේ සම්මත මිනුම් ඉතිං කොහොමද යාළුවනේ ???.... ඔන්න මම අදත් ආව ඔයාලගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න . ඇත්තටම කියනවනම් මේ දේ අපිට අද කාලෙනම් ගොඩක් දුරට වැදගත් වෙන්නෙ දැනුම වර්දනයට තමයි . මොකද මේ දේ අද භාවිතය අඩු වෙලා තියෙනව . ඒ උනත් මේ හෙළයේ ජීවත් වෙන පුද්ගලයන් විදිහට මේ ගැන දෙනගෙන ඉන්න ඕන . හොදයි එහෙනම් අපි බලමු අපේ මුතුන්මිත්තො ඉඩකඩම් මැනීමේදී භාවිතා කරපු මිනුම් මොනවාද කියල ...👍 අක්කර 01 = පර්චස් 160 = රූඩි 04 = හෙක්ටයාර 0.40468 රූඩි 01 = පර්චස් 40 රූඩි 02 = පෑල් 01 = අක්කර 0.5 පෑල් 02 = අක්කර 01 = ලාස් 20 අක්කර 02 = පෑල් 04 = අමුණු 01 ලාස් 01 = පර්චස් 08 = කුරුණි 10 බුසල් 01 = ලාස් 10 = පර්චස් 80 = අක්කර 0.5 හෙක්ටයාර 01 = අක්කර 2.47105 කුරක්කන් ලාස් 01 = අක්කර 01 කුරක්කන් පෑල් 01 = අක්කර 10